Monday, December 2, 2013

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ


ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ ...//

බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසවැ උවටැන් පෑවේ
විසාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ

පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන් මැ පඬු පොවලා අඳින්නියේ
වීත රකුසු නෙත් සොඞ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



එරීන් විජේකෝන් මහත්මිය අධ්‍යක්ෂණය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුනිල ගී නම් වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1996 දී රෝස කුසුමක් සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2008 දී කඳුළක් තලා සංයුක්ත තැටියට හා කැසට් පටයටත් (යමුනා මාලිනී ගී පද රචනා) ඇතුළත් වුණා.

No comments: