Thursday, December 5, 2013

බෝසත් කුල ඇතාණෝ


බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ //
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

වැඩම කළත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතානෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් හබයක් නැති ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ //
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



2005 වසරේදී නිකුත් වූ "අලුත් වැස්සක්" සංයුක්ත තැටිය හා කැසට් පටයට මේ ගීය ඇතුළත් විය.

No comments: