බානෙන්
බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ
හිරගෙයි ලැග එන්නේ
පිහියේ
මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම
මේ කය නිසසල වන්නේ
ඇගේ
කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන්
මැඩූ බැත දනට පුදන්නේ ...//
උන්ගෙම
හම බෙර හඳට බඳින්නේ
උන්
බැඳි ගැල් නැග පන්සල් යන්නේ
බානෙන්
බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ
හිරගෙයි ලැග එන්නේ
පිහියේ
මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම
මේ කය නිසසල වන්නේ
කිරි
රස දන්නෝ මව් හඳුනන්නෝ
බත්
රස දන්නෝ කෙත් හඳුනන්නෝ ...//
බත්
සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත්
බව ලැබ කුමට උපන්නෝ
ලේ
කිරි අයිතිය වහු පැටියන්නේ
දම්
සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ
කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත්
වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ ///
ගායනය
- සුනිල් එදිරිසිංහ
පද
- ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව
- ආචාර්ය වික්ටර් රත්නායක
1984
වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති විශේෂ සංගීත වැඩසටහනක් තුළින් දොරට වැඩි
ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස”
කැසට් පටයට ඇතුළත් වුණා.
No comments:
Post a Comment