චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙළා
බැල්ම හෙළා
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ ...//
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙළා
බැල්ම හෙළා
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ ...//
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙළා
බැල්ම හෙළා
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment