ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් ...//
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්
මලක් සිඹින්නේ
මදෙස බලන්නේ
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ ...//
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් ...//
ගොලු හදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්
තොල්පෙති මත්තේ
මදහස ඇත්තේ
හැම සිතුවිල්ලෙම
සනහස ඇත්තේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් ...//
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
No comments:
Post a Comment