Thursday, March 19, 2015

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
රැඟුමන් මෙන්න අපනේ සතුටක් ගෙනෙනා
වරදක් වුනොත් අපිට සමාව ඕනා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

දිලිඳුන් තුටින් ඉඳියි ලොව සුව විඳලා
නිරිඳුන් දුකින් ඉඳියි සැනසුම පතලා
දෙපිලක් බෙදී මෙසේ ඇයි කල් ගෙවලා
කවුරුත් එකා වගේ ඉමු සුව සොයලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

රසවත් සින්දු කියල මසුරන් සොයනා
දුප්පත් කමින් ලෝකෙ අපි අද තැවෙනා
උන්නත් නැතත් අපිත් සතුටින් නැටුවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව - ප්‍රියා සූරියසේන



මේ ගීය බොහෝ දෙනෙකු විසින් පසුව ගයා තියෙනවා. එනිසාම ගැයෙන්නේ මුල් රචනය නොවෙයි.
( හදිසි හෘදයාබාධයකට ගොදුරු වීම හේතුවෙන් මේ ගීයත් තවත් විශාල සංඛ්‍යාවක් ගීතත් සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කළ හේමසිරි හල්පිට සහෝදරයා 2006 අප්‍රේල් 28 වැනිදා සවස සදහටම අපෙන් සමුගෙන ගියේ ය.)

Song - Watapita Balan Inna
Singer(s) - H.R. Jothipala & Chandralekha Perera
Lyricist - Hemasiri Halita
Composer - Priya Sooriyasena

මෙන්න මුල් රචනය ...

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා
දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා
හැඟුමන් මෙන්න අපේ සතුටක් ගෙනෙනා
වරදක් වුනොත් අපිට සමාව ඕනා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

කවදත් ඔබට මෙහෙම ගයමින් රඟනා
කොතනත් හමුවෙනවා මේ අපි දෙන්නා
දුප්පත්කම නිසාම රට වට යනවා
හිතවත්කමට අපේ පණ හරි දෙනවා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා
උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

දිලිඳුන් හිතින් තැවෙයි පැරදුම ලබලා
නිරිඳුන් සුවෙන් ඉඳියි සැනසුම ලබලා
වෙනසක් කිමද මෙසේ දෙපිලක් බෙදිලා
කවුරුත් එක බැම්මෙන් ඉමු අපි බැඳිලා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
අපි අවසර පතලා
නටනවා ගයලා
දෙන්නම් පදේ මමත් ආලප් කරලා

උඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා ..//


No comments: