Thursday, March 19, 2015

සුදු සේල දවටා

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා ...//
දෛවේ සිනාසිලා හඬවාලා මා
උදුරා දමා වෙන් කළා

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

දෑසේ මගේ මේ කඳුළැල් මකා
දෙතොලේ සිනා කැන්දලා ...//
ගයමි මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - සරත් සී. ෆොන්සේකා
තනුව හා සංගීතය - රූකාන්ත ගුණතිලක

No comments: