දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ
දෙබැම නිල්වන් වැහි වලා වැන්නේ
වැහි වලාවෙනි විදුලි සැර එන්නේ
දෙනෙත නිලුපුල් සිරිනි සැරසෙන්නේ
නිල් උපුල්මය වරෙක මැලවෙන්නේ
මිණි පහන් වැට අඳුර දුරලන්නේ
මිණි පහන්මය වරෙක ගිනිගන්නේ
දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ
හෙළන සසුමයි මුදු සුවඳ දෙන්නේ
මදනලයි මුදු සුවඳ ගෙනයන්නේ
මදනලයි සුසුමයි එකතුවෙන්නේ
එකල්හිය හද ගැස්ම වැටහෙන්නේ
දෙබැම දේදුනු විලස සුදිලෙන්නේ
දිලෙන දේදුනු සැණෙකි පවතින්නේ
දෙබැම නිල්වන් වැහි වලා වැන්නේ
වැහි වලාවෙනි විදුලි සැර එන්නේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment