Friday, April 3, 2015

හෙළුවානම් එක කඳුළක්

හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

දැනුනානම් හද රිදුමක් දවසක
නිමවිය ඒ දුක සුපසන් ගෙපැලේ
ගෙපැලේ ...
ගෙපැලේ ...

වැහි මන්දාරම සුළඟට හසුවී
නිල්වන් අහසයි ගම්දොර දිලුනේ
පූදින ගොයමේ නාඹර සුවඳයි
වදුලු පුරා වන මල් මත රැඳුනේ
රැඳුනේ ...

හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

ගම් මැද්දේ මහ වැව් ඉස්මත්තේ
රොන් අරගන්ටයි තල මල පිපුණේ
කුළින් කුළට ගී සින්දු කියාගෙන
බඹර බඳින්ටයි බඹරුන් ඇදුනේ
ඇදුනේ ...

හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

දැනුනානම් හද රිදුමක් දවසක
නිමවිය ඒ දුක සුපසන් ගෙපැලේ
ගෙපැලේ ...
ගෙපැලේ ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මල්දෙණියේ සිමියොන් චිත්‍රපටියෙන් ..

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: