Thursday, April 9, 2015

ගිම්හානයේ පවසින් හැඬූ


ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

තුඟු රුසිරු විල කළඹා
නොසොයන්න වසත් කල් අසිරී ...//
පිය සටහන් නොතියා බැස යන
පුර සඳක් දෝ යෞවනේ

ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

දිගු සසර ඝණ අඳුරේ
හමුවෙන්න යළිත් පිය මියුලේ ...//
ඔබ සුවඳින් සනහා පරවෙන
මම මලක් වෙමි හිමියණේ

ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

ගායනය ප්‍රදීපා ධර්මදාස සහ සුගත් සමරසිංහ
පද රචනය - ජගත් ගාමිණී මාවතගම
තනුව හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක


චිත්‍රය මොටාගෙදර වනිගරත්න ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: