කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් ...//
කෝටු කෑලි දර පිදුරු ගෙනත් ඔය කැදැල්ල බඳින නියා
නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විලසකද කියා
කොයි විලසකද කියා
කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්
කිචි බිචි ගාමින් ගී හඬ පතුරන ඉඳගෙන එක අත්තේ
සමඟිය සාමය පිළිබඳ පාඩම් කොහොමද දැන ගත්තේ
කොහොමද දැන ගත්තේ
කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්
පියපත් සළලා රිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ
කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ
තනුව සදා දුන්නේ
කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය මඳකට අපිට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් ...//
ගායනය - ත්රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
No comments:
Post a Comment