Wednesday, April 29, 2015

මේ පිපාසිත ලෝ තලේ


මේ පිපාසිත ලෝ තලේ
ආ.......
ලලනාව වේ අමා ජලාශේ
ආ.....
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ ..//
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ ...//
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ

සාදා රකින්නෙ බිඳහෙළන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ලලන සුවදෙන ජීවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ ..//
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ ...//
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ ..//
මේ පිපාසිත ලෝ තලේ

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


චිත්‍රපටියේ රූප රාමු (දුර්වල වීඩියෝවකි)


No comments: