නිදිනැති
පාළු රාත්‍රියේ
මා
සිතු දැහැනේ
නොනිදන
කවුරු හෝ හිඳී
පෙරදා
පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
මේ
තනි යහනේ
නිදිනැති
පාළු රාත්‍රියේ
තාරකා
දැළෙන් එහා ඒ අහිමි විජිතයේ
සිහින
සේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ
පීදෙනා
යොවුන් සිනා මල් සැඟවෙනා පැයේ
සුසුමදෝ
හඬා වැටෙන්නේ බිඳුණු ස්නේහයේ
මේ
තනි යහනේ
නිදිනැති
පාළු රාත්‍රියේ
මා
සිතු දැහැනේ
නොනිදන
කවුරු හෝ හිඳී
නෑසෙනා
හඬින් කියූ ඒ පෙම් කතා අපේ
මේ
සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුළුවෙන්
බලා සිනාසී නිසල වී හදේ
කවුරුදෝ
සෙමින් මැකීයයි කඳුළකින් නෙතේ
මේ
තනි යහනේ
නිදිනැති
පාළු රාත්‍රියේ
මා
සිතු දැහැනේ
නොනිදන
කවුරු හෝ හිඳී
පෙරදා
පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
මේ
තනි යහනේ
නිදිනැති
පාළු රාත්‍රියේ
ගායනය
– දීපිකා ප්‍රියදර්ශනී
පීරිස්
පද
රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහචිත්රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
No comments:
Post a Comment