ගුරු ගෙදර පාළුයි
ඔබෙන් වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි
මියුරු පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු කරමින් එක්ව හිඳ හිඳ
එදා දුන් හිරිමල් හිනා - අද
ඔබට අමතකදෝ
ගුරු ගෙදර පාළුයි
ඔබෙන් වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි
හීන් දෙවටේ පිපී නැළවුණු
එකම මධු මල පරවුණාදෝ
සිහින පියසේ සුවඳ විලසේ
මිරිගුවක් වීදෝ
ගුරු ගෙදර පාළුයි
ඔබෙන් වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment