නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ ..//
සඳරැස් ගලනා වදුලේ පායේ
ඈ මා ආවේ පැටලී දෑතේ
මා දං කැලේ
රෑ නිල් තෙරේ
සැඟවී තියේ ඒ ආදරේ
නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ
නිලුපුල් සැළෙනා මිදුලේ අයිනේ
අඳුරේ ළංවී පැවසූ රහසේ
සීනෙන් පවා
රෑ පාළුවේ
සිරුරේ වෙලේ ඒ ආදරේ
නාඬන් රෑ සඳ තනිවී
පායන් කෝ වලා දැලේ
මා හා ඈ ඇයි නාවේ
සැතපීදෝ නිදි යහනේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment