තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා ..//
රැගෙන ආවේ සතුට එදා
ඔබයි මට ලඳුනේ
සිහින බිඳදා සැඟව ගියේ
ඔබම ඇයි මෙලෙසේ
තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා
තැවෙන දෑසේ අඳුරු රැයේ
පාළු තනි යහනේ
සිහිනයක් වී රැඳෙනු මැනේ
යළිදු පිය ලඳුනේ
තරිඳු සේ මා දිවි ගමනේ
ඔබව හමුවූවා
අරුණු යාමේ ඈත මැකී
ඔබම වෙන්වූවා ..//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව
- ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment