Friday, April 3, 2015

රත්නදීප ජන්මභූමි

රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි ..//

ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මාතෘභූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී//
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ//
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී//
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා//
එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

ගංගා තරංග රාව දී රිදී වණින්//
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී//
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: