කන්ද උඩින්
එන කිකිළිය
ගෝමරියේ
නළල් පටින්..
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //
සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී ...//
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග සමග මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - මර්වින් සේනාරත්න
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
ආචාර්ය දයාරත්න රණතුංග ගේ මුල්ම ගී නිර්මානය මෙයයි. 1955 දී ඔහු මේ ගීය ගැයුවේ ඔහුගේ සොහොයුරිය සෝමලතා රණතුංග සමගයි.
Maha Re Yame - Dayarathna Ranathunga & Amara Ranathunga
No comments:
Post a Comment