රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා ...//
රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
නන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා
රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා
ඇගෙ ළැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා
රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සෝමපාල රත්නායක
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Gemtone / OME 12)
No comments:
Post a Comment