Monday, April 13, 2015

ආවා ආදරෙන්

ආවා ආදරෙන් රන් කැළුම් දිදී//

සඳ පිරිලා නැඟුණා සේ
මාගේ ජීවන අම්ඹරේ
තරු වැහැලා දිලුණා සේ
මාගේ ජීවන අම්ඹරේ
මා සිතූ
පෙර මා පැතූ
පැතුමන් ලෙසේ

ආවා ආදරෙන් රන් කැළුම් දිදී//

මල් පොපියා පිපුණා  සේ
පාළු මා හද විල්තලේ
රණ තිසරා සරණා සේ
පාළු මා හද විල්  තලේ
ආ දිනේ
ඔබ ආ දිනේ
මතකයි ළඳේ

ආවා ආදරෙන් රන් කැළුම් දිදී//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: