සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ ...//
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි
අල්පයක් තරම් නිදහස රැකගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ
වැහි වලාකුළෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ ...//
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment