සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
හද විමනේ බිතු සිතුවම්
කිළිටි කළේ ඔබෙ දෑතයි ..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි //
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම් ...//
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම් //
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips JVPC 1057 )
No comments:
Post a Comment