Monday, April 13, 2015

ඝණ අඳුරේ රළ පතරේ




ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා ...//

තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා ...//
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා

ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා

පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා ...//
බිය සැක නැති අය දුටුව ම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා

ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා ...//
 
නෙළා ගන්න මුහුදු ගියා /////

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ඝණ අඳුරේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.

(තැටි අංකය Gemtone / OME 34)

No comments: