Monday, April 13, 2015

ගමනේ ගිම් නිවූ එදා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා ....//

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන් ද ආදරේ ශෝක වේදනා
ඝණ අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
තනිවූයෙ ඔබ නොවේ
මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා

ඔබ මංමුලාවෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරෙකී වාලුකා
හිනැහෙන්න යළි දිලෙයි දෙෙවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
(පද මුල් ගීයේ ප්‍රකාරයි.)

මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP  තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips ​JVPC 1057 )


මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

තවත් ගායනයක්

No comments: