වරා මලක් මට කතා කළා
ඔහේ පාවෙවී ඉන්න
වලාකුළක් යෝජනා කළා
කොහේද ඇතක යන්න
කළාමැදිරි එළි ලඟා වුණා
පහන් පැලක් දල්වන්න
හිතේ බරයි මේ දුක් අඳුරයි
අනේ මගෙන් අර ගන්න
සැහැල්ලුවෙන් මට ඉන්න
මගෙන් සොරා ගත්
හිත මට ආපසු දෙන්න
සුළං රොදක් මට කතා කළා
මුණු මුණුවක පැටලෙන්න
තරු යුවළක් ඉඟි බිඟි සැලුවා
ඇසි පිය යට නවතින්න
ඇසි පිය යට නවතින්න
ඕවිල්ලක් නැළවී ඇසුවා
ඩිංගක් හුරතල් වෙන්න
හිනා වෙවී ඔහෙ හිනා වෙවී
ඉස්සර වගෙ දඟලන්න
ඉස්සර වගෙ දඟලන්න
වරා මලක් මට කතා කළා
ඔහේ පාවෙවී ඉන්න
වලාකුළක් යෝජනා කළා
කොහේද ඇතක යන්න
කළාමැදිරි එළි ලඟා වුණා
පහන් පැලක් දල්වන්න
හිතේ බරයි මේ දුක් අඳුරයි
අනේ මගෙන් අර ගන්න
සැහැල්ලුවෙන් මට ඉන්න
මගෙන් සොරා ගත්
හිත මට ආපසු දෙන්න
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - නාරද විජේසූරිය
සංගීතය - නවරත්න ගමගේ
No comments:
Post a Comment