බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා
උපන් බිමේ මව් උණුසුම මතක නේද යාළු
නුඹ නැති දා කාට නැතත් මගෙ හිතටයි පාඩු
මහා සාගරේ හිටියත් රන්වන් රන් මාළු
හිමි නැති වී මං ආවා උඹයි දන්නෙ යාළු
බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා
මල් යහනට වැඩමවන්න පිං කර නැතිවාට
හිත රිදවා ගෙන මොකටද නෙළන්න බැරි දේට
ගමේ වගෙම මේ දුරු රට හඳ පායන දාට
මල් සුවඳක් දැනෙනා වග කියනවාද ඈට
බිතු සිතුවම් රූ පිටු නොපාම මැකී ගියා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
කරදිය වළල්ල පැන ආවත් ඉගිල්ලිලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා
මගෙ ගම පාළුයි ගමේ ඉන්න එපා වෙලා
මං තටු නැතුවයි ඉන්නේ මෙහි කූඩු වෙලා ...//
ගායනය - ජානක වික්රමසිංහ සහ සමන් ජයනාත් ජිනදාස
පද රචනය - රත්න ශ්රී විජේසිංහ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
No comments:
Post a Comment