Saturday, June 6, 2015

සඳකිඳුරා මිය ගියා

සඳකිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කළා //

ගමේ නාඩගම් පොළේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට කොළොම් තොටට ඉගිලුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා

වෙල් දෙණි ඕවිටි පුරා
තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඬන්නෙ නෑ ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

සඳකිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කළා //

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

No comments: