Monday, July 4, 2016

රොන් සොයා

රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ …//
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

දිලිසෙන පිණි බිඳු මුතු ගොතලා
නිල්වන් සළු එළලා …//
ගුවන් තලේ පුරා ලෙළේ
ගුවන් තලේ පුරා ලෙළේ
කිරි සුදු මුතු වියනක් බැඳලා

රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

තුරු ලිය අතු ඉති මුකුළු කළා
මල් මල් සෙමෙර සලා …//
ළිහිණි ගිරා නුරා රසේ
ළිහිණි ගිරා නුරා රසේ
විඳ විඳ කිචි බිචි කියනු ඇසේ

රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

පාවෙලා පාවෙලා ..

ගායනය - ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - සරත් දසනායක
1975 දී තිරගතවූ ආවා සොයා ආදරේ චිත්‍රපටියෙන්

1 comment:

Anonymous said...

ඉතාමත් අලංකාරයි