Monday, July 4, 2016

පොකුරු පොකුරු මල් සැණකෙළි

ගුමු ගුමු ගුමු නගනා
මල් බමරෝ
මල් පැණි වාරේ ආවාදෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා
මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසැවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

මට මතකයි මට මතකයි පුංචි කාල මං
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වුණා
රිදී කාසි හැළෙන හඬින් හිත හිනාවුණා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන්හෝ මට කියන්න කණට කොඳුරලා
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි ..//

ගායනය - ලතා වල්පොල
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1976 දී තිරගත වූ වාසනා චිත්‍රපටියේ ගීයති.

No comments: