හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක් ...//
කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
ආ..ආ... ආ.. ආ.. ආ..ආ..
කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
හිත පිරුණු සෙනේ පුසුඹක් අහවර නම්
මම කාට කියන්නද මේ අවනඩුවත්
හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක්
බත ඉදෙන තුරාවට නොවෙදෝ ගෙපැළේ
මේ හැටි විරසක කම්
ආ..ආ... ආ.. ආ.. ආ..ආ..
බත ඉදෙන තුරාවට නොවෙදෝ ගෙපැළේ
මේ හැටි විරසක කම්
සඳපාන ගෙනෙන්නම් අමාවකෙත් මම්
හොඳ බිසව් වගේ මනාපයෙන් ඒ නම්
හිත නොහොඳ නෝක්කඩු කරදර ගොන්නක්
යහනේ නෑ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත්
මේ තනිකම මහ ගින්නක් ...//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - වසන්ත කුමාර කොබවක
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment