මිනිසා කුසීත කම්මැලි
වැටී පරාද වී යනවා
ගින්නේ දැවෙනා දර වාගේ
අළු විලා නැති වෙනවා
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ ..//
අනුකම්පා නැතී දෛවේ හිනාවේ
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
පෙරදා පෑවු හිරු නැඟ බැසලා
එළි වෙනවාදෝ රෑ වෙනවාදෝ
වෙනදා විලසින් දඟ සමනලයින්
මල් පැණි බීලා ඉගිලෙනවාදෝ
එදා මෙන් වළකුළු අහසේ
තාමත් නැගේදෝ
සෝභාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
අනුකම්පා නැතී දෛවේ හිනාවේ
සෝභාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
අත්වැත් අරගෙන සිත් බැඳියන්, ලොව
නෙත්කළු තැන් වල හැසිරෙනවා දෝ
ඇස් ඇති මිනිසුන් ලක්ෂණ දේවල්
දැක දැක හිනැහී සැනසෙනවාදෝ
මෙදා අන්ධ නෙත් දෙක මාගේ
කවදා පෙනේදෝ
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
අනුකම්පා නැතී දෛවේ හිනාවේ
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
තුඩගෙහි තුඩගා සුමියුරු රස බී
අරුමැසි සිතුවිලි පවසනවාදෝ
මා හද තෙරපෙන ආදර හැඟුමන්
සුපෙම්වතුන් තුළ පවතිනවාදෝ
මගේ අරුම ආදර සිහිනෙන් තමා දිවි රැකෙන්නේ
සෝබාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ
අනුකම්පා නැතී දෛවේ හිනාවේ
සෝබාව හංගා මේ ලෝ තලේ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.එෆ්. ලතීෆ්
1972 දී තිරගත වූ "මේ දෑස කුමටද" චිත්‍රපටියේ ගීයකි.
1969 දී තිරගත වූ "ඒක් පූල් දෝ මාලි" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ ගැයූ "ඕලාද් වාලෝ" (Aulad Walon) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment