Wednesday, October 5, 2016

නිල් අහසේ උමතු වලා

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

තණ පල සේදී කඳුළු සලා
ලොවට වියෝ දුක පතල කළා

ඔබගේ ආදර මධු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
අයි මේ මිහිකත වැලපෙන්නේ

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

එදා පිපුණු මල් හිරු එළියේ
අද නොපිපේ මගෙ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කඳුළෙන් සේදෙන්නේ

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

හා....
මා නැත ඔබගෙන් වෙන්වන්නේ
පැවසූ ඔබ කෝ මියුලැසියේ
ආදරයේ කිරි සිහින ගරා
ඔබ ගිය මග උණු කඳුළු සලා
මම ඇවිදිමි මේ සසර පුරා

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය - ටී.එෆ්. ලතීෆ්
1972 දී තිරගත "මේ දෑස කුමටද" චිත්‍රපටියේ ගීයකි.

1970 දී තිරගත "ගන්වර්" (Ganwaar) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "මේ හූන් ගන්වර්" ("Main Hoon Ganwar") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: