සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා ...//
සුනිල වලා සළු පිළි පටලා
රැල් රැල් නැග සාගරේ ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ වැදී සුළං සීතේ ...//
සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා...//
සුනිල වලා සළු පිළි පටලා
මල් මල් ලලනාවියෝ
නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙතේ අඳුන් ගාලා ...//
සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා ...////
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ ගේ හෝ කරුණාරත්න අබේසේකරගේ ය.
තනුව - සරත් දසනායක
"හිත මිතුරා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment