Monday, December 26, 2016

සංසාර දූර්ග මාර්ගයේ



සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා ...//

නිර්වාණ ශාන්ත මාර්ගයේ
ස්වර්ණ දීපිඛා ...//
සම්බුද්ධ රාජ ලෝක නාථ
වන්දනා කරම්

සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා

ක්ලේශ සාගරේ නිමග්න
ලෝ දනා නිවූ ...//
වීතරාගි ලොව්තුරා බුදුන් වඳිම් සදා

සංසාර දූර්ග මාර්ගයේ වේදනා නිවූ
සම්බෝධි පාද ලෝ ගුරුන්
නමා වඳිම් සදා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

1980 දී නිකුත් වූ ස්වර්ණ කුණ්ඩල LP තැටියට ඇතුළත් වූ ගීයකි. පසු කලෙක නිර්මාණය වූ "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" නම් ගීයට යොදා ගත්තේ ද මෙම ගීයේ තනුවයි.
එම ගීය මේ අඩවියේ වෙනත් තැනෙක ඇත.

No comments: