Tuesday, December 27, 2016

ආදරය දානයකි

ආදරය දානයකි දිය හැකි
ආයෙමත් ගන්නට බැරී
ආදරය මිස කිසිම දෙයකට
ආදරය සසඳණු බැරි ....//

මලක පෙති මත ගැටෙන සමනල දෙතොල්
පැහැය බිඳකුදු බොඳ කළේ නැත රොනින්
මලෙහි වැසුවද නොරිදවයි මල් කොපුල්
පරම පිවිතුරු ආදරය ඒ වාගෙයි

ආදරය දානයකි දිය හැකි
ආයෙමත් ගන්නට බැරී
ආදරය මිස කිසිම දෙයකට
ආදරය සසඳණු බැරි

මලක සුවඳට ඇදෙන බිඟුලැල් ලකල්
සුවඳ බිඳකුදු රැගෙන නොම යයි මලෙන්
දුකට කඳුළක් තියා නොදුවයි හොරෙන්
පරම පිවිතුරු ආදරය යනු එයයි

ආදරය දානයකි දිය හැකි
ආයෙමත් ගන්නට බැරී
ආදරය මිස කිසිම දෙයකට
ආදරය සසඳණු බැරි

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: