මගෙ
සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ
සිහිනෙන් මා මුදන්න ළං නොවන්න ...//
සඳැස්
විදා මොනරු නටති මේඝ වලා පාවේ
බලා
වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම්
බිඟු පේළි සැදී නඟත මධුර නාදේ
මල්
ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදේ
මගෙ
සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ
සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
ලවන්
ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත්
සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ
දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු
මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ
මගෙ
සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ
සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
ළං
නොවන්න ///
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
- සරත් දසනායක
No comments:
Post a Comment