Monday, January 30, 2017

වන බමරෝ ගුම් දී රඟනා

හා... ආ.. හාආ හා .. හා ...
හා ... හාආ ආ ආ...

හා... ආ.. හාආ හා .. හා ...
හා ... හාආ ආ ආ...

වන බමරෝ ..
වන බමරෝ ගුම් දී රඟනා
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ


සනිග ගග ගග ගග ගග
සගම මම මම මම මම

සගම ගම ගම මම මම
මම ග
ගම ස
මම ග
ගම ස
මම ග ගම ස
මම ග ගම ස
මම ග ගම ස මම ග ගම ස
...............

ආ..... ආඅ ආ ආ ....

සසර පුරුදු කළ සෙනෙහෙ පතාගෙන
මසිත අවදිවෙන්නා සේ දැනුණේ
නෙතග නෙතග මුණගැසිලා //
සුහද කතාබහකට මුළ පිරිලා //
කූජන පෙම් සිහිනේ
මා හද විමනේ

වන බමරෝ ..
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ

පැතුම් විජිතයේ දෙරගුළු ඇරුණා
නැවුම් අපේ සිත් යුග යා කරනා
කඳුළ නෙතට ළං නොවනා //
සොඳුරු ලොවක තනිවෙමු අපි දෙදෙනා //
සුව දෙන පෙම් සිහිනේ
මා හද රන් දෙවොලේ

වන බමරෝ ..
වන බමරෝ ගුම් දී රඟනා
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද - ?
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
1987 දී තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.

(පද මෙයින් කෙනෙකුගේය - බණ්ඩාර කේ. විජයතුංග, හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි )

No comments: