සබයෙන් මට අවසර දෙන්නේ
මං කියන්න යන දේ අහපන්නේ
පැරණි කියුම් දැන් කාලෙට නෑ ගැලපෙන්නේ
ඕ.. ඕ.. ඕ
සෙබයෙන් මෙට අවසර දෙන්නේ
මං කියන්න යෙන දේ අහපන්නේ
පෙරණි කියුම් දැන් කාලෙට නෑ ගෙලපෙන්නේ
සීයා කෙනෙක් පේරාදෙණී
කොළඹ ඇවිදලා විමසිලී
වහපු ගෙයක් තියෙනව දැකලා
විමසා බලා මං යමි සිතලා
එහි පඩිපෙළ නැගගත්තා
සීයා දැම්ම පොඩි තට්ටුවක්
ඒ තුළ නෑ හැල හොල්මනක්
හැරමිටියෙන් ඔහු දඩිබිඩි ගා
තඩි බෑවා ඔහු මුළු වෙර දා
එනමුත් නෑ දොර ඇරුනේ
මෙය දුටු පණ්ඩිත මොඩ් කොල්ලෙක්
කියනව සීයට මෙහෙම දෙයක්
ඔහොම ගහල බෑ සීයේ
මොනවද බොල තෝ දොඩන්නේ
තට්ටු කරන්නට දොර ඇරේ
පුරාණයේ එය පඬි වදනක්
අදත් වටී මසුරන් දාහක්
අහල නැද්ද එය කොල්ලෝ
කෝපි කාලෙ ඒ කියමන
දැන් කාලෙට නැත තේරුමක්
විදුලි බලෙන් ඔය වැඩ කරනා
ස්වීච් එකක් ඇත හයි කරලා
ඒක ඔබාපන් සීයේ
එළිවෙනකන් තට්ටුව දැම්මත්
එබුවේ නැත්තම් බොත්තමක්
දොර නම් නෑරේ සීයේ
ඕ.. ඕ.. ඕ
සබයෙන් මට අවසර දෙන්නේ
මං කියන්න යන දේ අහපන්නේ
පැරණි කියුම් දැන් කාලෙට නෑ ගැලපෙන්නේ
ඕ.. ඕ.. ඕ
ගායනය - ෆ්‍රෙඩී සිල්වා
පද - ?
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
1987 දී
තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.
(පද
මෙයින් කෙනෙකුගේය - බණ්ඩාර කේ. විජයතුංග,
හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද,
ආනන්ද එස්. විජේසිරි )
No comments:
Post a Comment