Saturday, January 28, 2017

ආත්මයකින් ආත්මයට

ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
ප්‍රේමවන්ත ඔබ පමණී
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

නීල දෑසේ දිළිසෙන රූපේ
කවුද හැංගී සිටියා රහසේ
හෝ ඕ.... ඕ.....
නීල දෑසේ දිළිසෙන රූපේ
කවුද හැංගී සිටියා රහසේ

දෙනෙතේ හැංගිලා
රැඳිලා ඉන්නවා
හඳුනා ගත් ඒ සුහදේ ඔබවේ

ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
ප්‍රේමවන්ත ඔබ පමණී
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

ප්‍රේම යහනේ ඔබගේ දෑතේ
මා සිටින්නේ හද සැලේවී
හෝ.. ඕ..... ඕ.....
ප්‍රේම යහනේ ඔබගේ දෑතේ
මා සිටින්නේ හද සැලේවී

මුහුණේ මල් සිනා
දැකලා ළංවුණා
නොයමී වෙන්වෙලා
සුහදේ කිසිදා

ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
පමණී ප්‍රේමවන්ත ඔබ
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද ච ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
ගියේ තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී.
1977 දී තිරගතවූ "සකුන්තලා" චිත්‍රපටියේ ගීයකි.

No comments: