Saturday, January 28, 2017

ආදර ලොවේ ආසිරි

ආදර ලොවේ
ආසිරි සැලේ
ආදරේ කතාවක් අසා

නාමල් වනේ
මී මැසි තුඩේ
නැගේවී උදානේ කතා
සකුන්තලා සකුන්තලා
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...

ප්‍රාර්ථනා ඉහත ආත්මේ
මේ භවේ හරි ගියේ
මිහිතලේ පෙම්වතුන්ගේ
ස්වර්ගයක් සේ හමුවුනේ

ආවේ ඔබ සොයාලා
ජීවිතේම ආදරේ
ජීවිතේම ආදරේ
සකුන්තලා සකුන්තලා
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...

ප්‍රේමයේ පූජණීයයි
ප්‍රාතිහාරේ සිදුවු දා
ස්වප්නයේ කල්පනා
දෑත හමුවී ඉටු වුණා

ආවේ ඔබ පතාලා
ජීවිතේම ආදරේ
ජීවිතේම ආදරේ

ආදර ලොවේ
ආසිරි සැලේ
ආදරේ කතාවක් අසා

නාමල් වනේ
මී මැසි තුඩේ
නැගේවී උදානේ කතා

ආ..ආ.. ආ...
ආ ආ..ආ.. ආ...
ආ..ආ.. ආ...
ආ ආ..ආ.. ආ...

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ "සකුන්තලා" චිත්‍රපටියේ ගීයකි.

තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී.

No comments: