Saturday, January 28, 2017

මා ආවේ සැනසීමේ සුව සොයා


මා ආවේ
සැනසීමේ සුව සොයාලා මේ රාත්‍රී
මා තනිවී සිටි මොහොතේ
ඔබ ආවේ මා හද සනසා
මා ආවේ සැනසීමේ

කා හටවත් මේ ලෝකේ
නෑ බොරුවක් මා කීවේ

කා හටවත් ලෝකේ
නෑ බොරුවක් මා කීවේ
එක හිතකුයි මා පැතුවේ
ආදරයෙන් දුක් වින්දේ
මා ආවේ සැනසීමේ

සීතල වූ මොහොතේ
ඔබ දුටුදා කඳුකරයේ ...//

මා හදේහී රස මැවුනේ
ඒ හින්දයි පෙම් බැඳුනේ

මා ආවේ
සැනසීමේ සුව සොයාලා මේ රාත්‍රී
මා තනිවී සිටි මොහොතේ
ඔබ ආවේ මා හද සනසා
මා ආවේ සැනසීමේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ සකුන්තලා චිත්‍රපටියේ ගීයකි.

තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී.

No comments: