Saturday, January 28, 2017

සීතල රටේ මීදුම වැටේ


සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ ....//

මේකුළු සාරිය පොරවාලා
දේදුනු නෙරියේ රැළි මාලා ...//

අහස සිනාසේ
මහද පිනායේ
කෝකිල ගීත රාවේ

සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ

මා ගැයු ගීතය පාවීලා
ඈතට ඈතට විහිදීලා ...//

ඔබ ළඟ රැඳුනේ
කවුරුද ඇදුනේ
මා නැත තාම දන්නේ

සීතල රටේ
මීදුම වැටේ
නාඹර වියේ මා හද ඉපිලේ
නැළවේ විනෝද ලෝකේ
මේ නැළවේ විනෝද ලෝකේ ...//

ගායනය - සුජාතා අත්තනායක
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ සකුන්තලා චිත්‍රපටියේ ගීයකි.

No comments: