සඳ සාවුන් පැටව් හඬන්නේ ...//
සඳ සිසිලේ ගතේ වෙළෙන්නේ
හෙළනා සුසුම් වගේ
පිණි පොකුරු වැළපෙන යාමේ
තොටියෙකි මා
ඔබ සොයනා
දිවි දියඹේ සරනා
තෙරකි මෙමා කඳුළු ගඟේ
ඔබ වෙනුවෙන් හිඳිනා
සඳ හිරු පා දිවි දීලා
රකිමි ඔබේ සෙනෙහේ
පිණි පොකුරු වැළපෙන යාමේ
සඳ සා පැටව් හඬන්නේ
නෙත මැව් ඒ සොඳුරු සිහිනේ
මගෙ කඳුළෙන් බොඳවෙලා
පිණි පොකුරු වැළපෙන යාමේ
සුළඟ වගේ ළඟ දැවටේ
සිනිඳු ඔබේ සෙනෙහේ
කඳුළු නොදී රැක ගමි මා
දෙනෙත වගේ මාගේ
සඳ හිරු පා දිවි දීලා
රකිමි ඔබේ සෙනෙහේ
පිණි පොකුරු වැළපෙන යාමේ
සඳ සාවුන් පැටව් හඬන්නේ
සඳ සිසිලේ ගතේ වෙළෙන්නේ
හෙළනා සුසුම් වගේ
පිණි පොකුරු වැළපෙන යාමේ
හේ හේ හේ,
හ්ම් ම් ම්
හා හා හා
හේ හේ හේ
හේ හේ හේ
හ්ම් ම් ම්
හා හා හා
ගායනය - ප්‍රදීප් රංගන
පද - මහේෂ් රත්සර මද්දුමආරච්චි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
2010 දී තිරගතවූ උත්තරා චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment