මලක සුවඳ සිව් සිය ගව් දුරක දැනේවා
නොඇසෙන දෙසවනකට මගෙ හඬ ද ඇසේවා
වැසි දිය වෙනුවට මුතුමල් පොකුරු ඉසේවා
පෙර පැවසුණු මියුරැසි බස් යළි පැවසේවා
සඳරැස් බොති මුව පොව්වෝ තුරු වන වදුලේ
මඳ අඳුරක් ඇත ගෙතුළේ සඳ රැස් මිදුලේ
දොර පියනක් විවරෙන විට දහක් මට වැසේ
අත පාමින පිය මැන මෙහි යමිද මම් කෙසේ
යමිද මම් කෙසේ
මලක සුවඳ සිව් සිය ගව් දුරක දැනේවා
නොඇසෙන දෙසවනකට මගෙ හඬ ද ඇසේවා
වැසි දිය වෙනුවට මුතුමල් පොකුරු ඉසේවා
පෙර පැවසුණු මියුරැසි බස් යළි පැවසේවා
අනන්ත වූ ඝණඳුරු කැන් හෙට දුරු වේ දෝ
සඳෙන් නොඑන ඔබ සැඩ හිරු එළියේ ඒ දෝ
බලා සිටි නමුදු නෙත් යුග යොමා දොම්නසින්
මා සැතපෙන රෑ ඔබ මෙහි පැමිණ යළි ගොසින්
පැමිණ යළි ගොසින්
මලක සුවඳ සිව් සිය ගව් දුරක දැනේවා
නොඇසෙන දෙසවනකට මගෙ හඬ ද ඇසේවා
වැසි දිය වෙනුවට මුතුමල් පොකුරු ඉසේවා
පෙර පැවසුණු මියුරැසි බස් යළි පැවසේවා
ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
දුර්වල හඬ තත්වය ගැන කමා කරන්න.
(චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ ය)
No comments:
Post a Comment