නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ ...//
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමිවුණා දෝ නොහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක් රිදුම් දේ හිතට උරුම වූ ...//
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
ගායනය - රෝහණ බෝගොඩ
පද - දයා ද අල්විස්
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment