Monday, February 25, 2019

කොවුල වගේ


කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලෙ ඇරපුවාම චියර් කෙරුවෙ මං
රෑ දවල් ගතවුනාට සැලකුවෙ නෑ මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්නම් මැඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියං හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුණ එකා මං
දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං //

කොවුල වගේ
කොවුල වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදිමැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං //
පවුල බණී ලේට් වුනොත් ගිහිං එන්නද මං //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: