Tuesday, February 26, 2019

මම ටැක්සි කාරයා


මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්රයා

චිත්රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ
කොයි කවුරුත් මා සමගින් හිනාවේ

දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ
දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
ගිඩි ගිඩිගා මීටර් එක වැටෙන්නේ
සමහර අය මට බැනලයි බහින්නේ

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්රයා

ලෙඩා අරන් රෝහලට යන්නට
දොස්තර මහතව කැඳවන් එන්නට
මෙන්න මේ වැනී වැඩක් කරවා ගන්නට
බාරදෙන්න උවමනාය මේ මට

දුප්පත් පොහොසත් කාටත් එකවගේ
සේවය හරියට ඉටුවෙයි මේ මගේ
වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්රයා
මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා
මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා
මම කොළඹ හාදයා
මෙ මම නොදන්නෙ කවුද මිත්රයා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

මුල් ගීය



පසු ගැයුමක්

No comments: