Monday, February 11, 2019

ආදරවන්තී ලස්සනවන්තී ඇයිද සුදෝ


ආදරවන්තී ලස්සනවන්තී
ඇයිද සුදෝ ඔයා අඬන්නේ
කඳුළු සලන්නේ දුකෙන් සිටින්නේ
කරුණ ඇයිද මට නොකියන්නේ ....//

බත් උයලා ඉවරවෙන්න පමා වුණා ද
උයාපු හොදි මාලු වලට ලුණු දැම්මා ද
ඒවා වැරදීලා
කණගාටු වීලා
දුකෙන් අඬන්නේ ඒක ද ඇයි නොකියන්නේ

ආදරවන්තී ලස්සනවන්තී
ඇයිද සුදෝ ඔයා අඬන්නේ
කඳුළු සලන්නේ දුකෙන් සිටින්නේ
කරුණ ඇයිද මට නොකියන්නේ

වතුර අරන් එන්න ගිහිං කළේ බින්ද ද
හිමිදිරියෙ අවදිවෙන්න පමා වුණා ද
අම්ම බැන්නා ද
දොස් කිව්වා ද
තරහ ගියා නේද සුදෝ ඇයි නොකියන්නේ

ආදරවන්තී ලස්සනවන්තී
ඇයිද සුදෝ ඔයා අඬන්නේ
කඳුළු සලන්නේ දුකෙන් සිටින්නේ
කරුණ ඇයිද මට නොකියන්නේ

වත්තට යන්නම්
මල් ඉත්ත කඩන්නම්
මල් ඉත්ත කඩලා ඔබේ කොණ්ඩෙ ගසන්නම්
මල් නෙළන්නම් මාල ගොතන්නම්
ගොතල ඔබේ ගෙල සරසා හැඩ ද බලන්නම්

ආදරවන්තී ලස්සනවන්තී
ඇයිද සුදෝ ඔයා අඬන්නේ
කඳුළු සලන්නේ දුකෙන් සිටින්නේ
කරුණ ඇයිද මට නොකියන්නේ

ගායනය - එම්. එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්. එස්. ප්‍රනාන්දු

No comments: