Monday, February 11, 2019

ආදරණීය බබෝ

ආදරණීය බබෝ
ළඟටම එන්න බබෝ
දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ
දැන්වත් එන්න බබෝ
දෑතම දෙන්න බබෝ
ආදරෙ ඔබට නේද පළමුව මා දුන්නේ

හෙයා ස්ටයිල් කියල දාන්නෙ නයින්ගෙ හුඹස වාගේ
දාලා යන්නෙ ගමන අලියගෙ හොඬ හෙලවෙනවා සේ
මොකටද මේ ස්ටයිල්
ඕනෙද හෙයාර් ස්ටයිල්
ෆැෂන් කියා ඇයි සතුන්ගෙ හැඩය අපිම ගන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

ඔය මහ නළුව කියල හිතල මෙහෙම ඉන්නේ
හිපියෙක් වාගෙ වුනොත් අපගෙ රටේ මොනවද වෙන්නේ
බොරු ශෝක් දාන්නේ
කොල්ලගෙ මාන්නේ
ආදරෙ නැතිව වාගෙඇයි ඔබ දොඩවන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

දෙතොලෙහි ගාන පාට පෙනුම කියලා සිතලා
ගාලා යනව දැකලා අපගෙ ප්රාණෙ බාගෙට ගෙවිලා
බය හොඳ නෑනේ
කලියුග කාලේ
ගෑණු ගෑණු ගෑණුමයි දිලෙන්නේ

අපෙ හැඩ හොඳ නැතිනම්
පස්සෙන් ඇයි එන්නේ
බොරුවට විහිලු නොකර මෙහෙන් දුවල යන්න
මා ඔබට ගැලපෙයි නම්
ආදරෙ තියෙනව නම්
මා හද ඔබට නේද දුන්නෙ කියල දන්නේ

ආදරණීය බබෝ
ළඟටම එන්න බබෝ
දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ
දැන්වත් එන්න බබෝ
දෑතම දෙන්න බබෝ
ආදරෙ ඔබට නේද පළමුව මා දුන්නේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එම්.එස්. ප්‍රනාන්දු
පද - ගලගෙදර එම්.එම්.ඒ. හක්
තනුව - ගලගෙදර එම්.එම්.ඒ. හක්
සංගීතය - ටී. ඇෆ්. ලතීෆ්
1972 තිරගත වූ "සුජීවා" චිත්‍රපටියේ ගීයකි.

No comments: