Thursday, March 14, 2019

කන්දේ ලන්දේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ....//

වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාවේ....//
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

ඇල් හේනේ රැක් සෙවණේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ....//
මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවොදෙන් මැකීලා ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ....//

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

No comments: